Exclusive: 2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )

Spread the love

2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය අමු අමුවේ රණවිරුවන් පාවාදුන් හොඳම වාචික සහ ලිඛිත සාක්ෂිය ඊයේ (29)පළ වූ අද පුවත්පතෙන් හමුවෙයි.

අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා.” ය. කිසිදාක රණවිරුවන් පාවා නොදෙන බවට බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයේ මුල්‍ය සහ දේශපාලන මෙහෙයුම් අංශ ප්‍රධානියා “මුන්” ලෙස හඳුන්වා දී ඇත්තේ “සතුන් සිවුපාවුන්” නොව එදා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට දිවිහිමියෙන් කටයුතු කළ ඔබෙත් අපෙත් “රණවිරුවන්”ය. එපමණක් නොව හමුදාව “යුද අපරාධ” සිදුකළ බවට තවත් සාක්ෂියක් මෙයින් රාජපක්ෂවරයා විසින් ජාත්‍යන්තරයට ලබා දී ඇත. එය මහා පාවාදීමකි. මෙමඟින් හමුදාව උතුරේ මිනිසුන් කොහොම මරන්න ඇද්ද යන වක්‍රාකාර සැකයක් එවක රජයේ ප්‍රබලතම අමාත්‍යවරයෙකු මෙන්ම රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු විසින් මෙලෙස ගෙනහැර දක්වා ඇත. සැබැවින්ම මෙය හමුදාවන්ට එරෙහිව සිදුකළ සුළුපටු පාවාදීමක් නොවේ.

මෙහිදී ඇති අනෙක් සුවිශේෂීම කරුණ නම් දුන් අණට අනුව ක්‍රියාත්මක වෙනුවෙන් හමුදාව අමු අමුවේ පාවාදෙද්දී රතුපස්වල සිදුවීමෙන් බැසිල් රාජපක්ෂ තම අතිජාත සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ බේරාගෙන ඇති ආකාරයයි.

මේ තුලින් රණවිරුවන් සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගේ වන තක්සේරුව පැහැදිලිය. උනුන්ට ඕනෑ වේලාවට වීරයින් වීමට රණවිරුවන් කඩේ යවයි. උනුන්ට ඕනෑ විටෙක රණවිරුවන්ව දං ගෙඩියට යවයි. එදා මෙදා තුර රාජපක්ෂවරුන්ගේ කොන්ඩම් න්‍යාය රණවිරුවන්ටත් පොදු බව මෙයින් පැහැදිලිය.

යම් මොහොතක ඇමරිකානු පුරවැසිභාවය හිමි ගෝඨාභයගේ 2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් තිස් අවුරුදු යුද්ධයෙන් මාතෲ භූමිය බේරාගත් රණවිරුවන් පාවාදීමට සිදුවුවහොත් එය ඔවුන්ට ඉතා සරල පහසු කටයුත්තක් මෙන්ම එය සිදුකරන බවට මීට වඩා කුමන තවත් සාක්ෂි අවශ්‍ය නොවනු ඇත.

මේ බැසිල් රාජපක්ෂ සිය සම්මුඛ සාකච්ඡාවේදී රණවිරුවන් සහ ශ්‍රී ලංකා හමුදාවන් පාවාදෙමින් සිදුකළ ප්‍රකාශයයි.

“රතුපස්වල මේ පාර ජන්ද 3500 කින් දිනූම්. මම ගමට ගිහින් සමාව ඉල්ලුවා. වෙඩි තියලා තිබුණු විදියට පල්ලිය බිත්ති ඉවරයි. ඉස්කෝලේ යන ළමයි නේ වෙඩි වැදිලා මිය ගියේ. අපේ ශාඛා සමිති වල සාමාජිකයන්ගේ කකුල් විසිඑකක් වෙඩි වැදිලා කැඩිලා තිබුනා. එතකොට මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න ඇද්ද? කියලා. ඒක මහා අමානුෂික දෙයක්. ඒ වගේ දෙයක් අපේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කරන්න බැහැ. මම දන්න ගෝඨාභය සහ ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. මගේ ප්‍රදේශය නිසා හරිනම් මම නේ සම්බන්ධ වෙන්න ඕන. අදත් ප්‍රශ්නයක් කවුද හමුදාව එව්වේ කියලා.

කටුනායක සිද්ධියට ගෝඨාභය සේ කොහොමටවත් සම්බන්ධ නැහැ. එක රනිල්ල දැන් ඉන්න වික්‍රමරත්න මෙතනට ඇවිල්ල වෙඩි තිබ්බේ. මම කියන්නේ ඒවා ඉස්සරහට වෙන්න බැහැ. ගස් බැඳපු එක ස්ටේජ් ගිනි තියපු එක ඒවා ආපහු වෙන්න බැහැ. ඒව තමයි පසුගිය ජනාධිපතිවරණය අපි පරාද වීමට බලපෑවේ. අපි එක්කෙනෙක් දිනවනවා. මම පාර්ලිමේන්තු ඉල්ලන්නේ නෑ ආණ්ඩු කරන්නේ නෑ. මහින්ද ජනාධිපතිතුමා නම් කිරීම පිළිබඳ තීන්දුවක් අරන් ඇති. නමුත් ගෝඨාභය රාජපක්ෂ සහ මම කතාකරලා තීන්දුවක් අරන් තිබෙනවා කවුද ඉදිරිපත් විය යුත්තේ කියලා. අපි දෙන්නගෙන් එක්කෙනෙක් නම් කරයිද කියල අපිට කියන්න බැහැ. කිසිම ආකාරයකින් අපි දෙන්න අතර ගැටුමක් ඇති වෙන්නේ නෑ.

ඒ වගේ දෙයක් බලාපොරොත්තු වන අයට දෙයියන්ගෙම පිහිටයි. මහින්ද ජනාධිපතිතුමා ගේ මතයක් තියෙනවා ගෙස් කරන තරමට හොඳයි කියලා. එක හරිද නැද්ද කියල මම දන්නේ නෑ. කවුද අපේක්ෂකයා සහ ඔහු නම් කරන වේලාව එතුමාට තීරණය කරන්න පුළුවන්. අපට ඒ වෙලාව කියන්න බැහැ.”

RSL

Related Posts