පළාත් පාලන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට
- RSL
- September 25, 2017
- පුවත් සහ වාර්තා
- 0 Comments
පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතින් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසා පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
නාවලපිටිය, ගඟඉහලකෝරලේ ප්‍රදේශයේ පදිංචි සමෘද්ධි නියාමකවරයෙකු වන මංගල පුෂ්පකුමාර මහතා විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරු පවසන්නේ මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත තුළින් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට එම මැතිවරණයට ඉදිරිපත්විය නොහැකි බවට සංශෝධනයක් එක් කර ඇති බවයි.
එම සංශෝධනය අනුව අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට පවා අවස්ථාවක් නොතිබූ බව සඳහන් කරන පෙත්සම්කරු ඉන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

