පළාත් සභා සංශෝධිත පනත තෙවනවර කියවීමත් තුනෙන් දෙකෙන් සම්මතයි

Spread the love

පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් ඊයේ(20) රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 34ක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණ ද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.

මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දෙයන් සම්මත විය යුතු බව නීතිපතිවරයා දන්වා තිබිණි.