එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි.
සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් මෙම ඉල්ලීම සිදුකළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, නිහඬ චරිතයක් ලෙස කථානායකවරයා හැඳින්විය හැකි බවයි. දේශාපලනයෙන් ඔබ්බට ගොස් ඔහුගෙන් සිදුවු සේවය ගැන ඇගයීමක් සිදු කල යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන දැනට සිටින කාලීනම දේශපාලනඥයා කරූ ජයසූරිය බවයි.
කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ආරියවංශ දිසානායක මහතා කියා සිටියේ, කරූ ජයසූරිය මහතා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා අභීතව කටයුතු කළ අයෙක් බවයි. සජීත් ප්‍රේමදාස මහතාට තව කාලය ඇති බවත් දැන් අවස්ථාව කරූ ජයසූරිය මහතාට ලබා දීමට පක්ෂයේ කෘතියාධිකාරි මණ්ඩලය තීරණය කළ යුතු බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.