සිරගත වරදකරුවන්ට සුරසැප දුන් වෛද්‍යවරිය ඉවතට; විෂමාචාර චෝදනා 26ක්!
- RSL
- September 18, 2017
- පුවත් සහ වාර්තා, විමර්ශන
- Prison Hospital
- 0 Comments
පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ දූෂණ, වංචා සහ මිනීමැරුම් වලට වරදකරුවන් වී සිරගත කරන වරදකරුවන්ගෙන් කප්පම් ගෙන ඔවුන්ව බන්ධනාගාර රෝහලේ තබාගනිමින් අවශ්‍ය සැප පහසුකම් ලබාදෙන බවට මාධ්‍ය වාර්තාකර තිබූ වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරී නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට ස්ථාන මාරුකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට ඊට අදාළ උපදෙස් ලබාදී තිබූ බව අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය නියුතු වෛද්‍යවරුන් 19 දෙනෙකුගේ ඉල්ලීම මත එම තීරණය ගෙන තිබේ.
අදාළ වෛද්‍යවරුන් විසින් වැඩබලන වෛද්‍ය නිලධාරී නිර්මලී තේනුවර මහත්මියගේ වෘත්තීය විෂමාචාර පිළිබඳව කරුණු 26ක් ඇතුළත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාරදුන් බව අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඊට අදාළ විමර්ශන ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබේ. ඒ අනුව නව වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වශයෙන් ජේ.කේ මල්වත්තගේ මහතා පත් කිරීමට නියමිත බව සඳහන්ය.

