මේ එකතුව කේලම්වලින් කඩන්න ඉඩ තියන් නෑ – අගමැති මහින්ද දැඩිව අවධාරණය කරයි (වීඩියෝ)
- RSL
- November 5, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, Prime Minister Mahinda Rajapaksa
- 0 Comments
ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ඓතිහාසික තීරණයට නැවත වතාවක් ගෞරව කරන බවත්, එය කිසිවෙකුගේ හෝ කේලම්වලින් කඩා බිඳ දැමීමට ඉඩ නොදෙන බවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසයි.
නව ආණ්ඩුවට සහය පළ කරමින් අද(05) පැවති “රට රකින ජන මහිමය” මහජන රැළියට එක්වෙමින් අග්රාමාත්යවරයා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා වශයෙන් වසර 3 කට වැඩි කාලයක් රනිල් වික්රමසිංහ සමඟ සිට ගනු ලැබූ මෙම ඓතිහාසික තීරණය ඉතා වැදගත් බවද මහින්ද රාජපක්ෂ කියා සිටියේය.
බොහෝ කාලයක් තමා සහ ජනාධිපතිවරයා වෙන්ව සිටි බවත්, ඒ අතර නොයෙක් දේ කියා ගත් බවත් පැවසු මහින්ද රාජපක්ෂ ජනතාව මැතිවරණයකට මුහුණ දීමෙන් දුන් තීරණය ජනාධිපතිවරයා පිළිගෙන මෙම තීරණය ගැනීම පිළිබඳ තමා සතුටු වන බව ද පැවසීය.
කිසි විටෙකත් ජනාධිපතිවරයා සමඟ වැඩ කිරීම අසීරු කටයුත්තක් නොවන බවත්, අතීතයේ දී තමා සහ ජනාධිපතිවරයා එක්ව කටයුතු කල බවත් පැවසු මහින්ද රාජපක්ෂ, නුපන් දරුවන්ගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව ද කියා සිටියේය.
කෙසේ වෙතත් ඉදිරියේ දී රටේ සුබ සිද්ධිය වෙනුවෙන් කැපවී සේවය කරන බවද පැවසූ මහින්ද රාජපක්ෂ මහතා, තමා ජනාධිපතිවරයා වුවා නම් කිසි විටෙකත් අගමැති ධූරය වෙනස් නොකරන බවත්, බැඳ ගත්ත බෙරය ගසන බව ද පැවසීය.
බොහෝ දෙනාගේ කැප කිරීම් මත මෙම ආණ්ඩුව ගොඩ නැඟූ බවත්, එය කිසිවෙකුගේ හෝ කේලම්වලින් කඩා බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද කියා සිටියේය.




