ජනපති දරුවන්ගේ පැත්ත ගනී (Video)
- RSL
- May 23, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena
- 0 Comments
ජනාධිපතිවරයා ලෙස තමා වෙත ලැබෙන ලිපි, දුරකථන ඇමතුම් සහ ඇතැම් සාකච්ඡාවලදී අනාවරණය කෙරෙන කරුණු අනුව, ගුරු සිසු සබඳතාවයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය පිළිබඳව මෙන්ම ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව ද තොරතුරු රැසක් වාර්තා වී තිබෙන බව ජනාධිපතිවරයා පවසයි.
මෙම අයහපත් තත්ත්වය පිළිබඳ බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ අද (23)බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
ගුරු වෘත්තීය වෘත්තියකට වඩා උතුම් සේවාවක් ලෙස සැලකු යුගය සහ ගුරු වෘත්තිය වෘත්තියක් ලෙස පමණක් සළකන වත්මන් යුගය තුළ ඇති වෙනස මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා කියා සිටියේ ගුරු වෘත්තිය යනු ජාතියක් ගොඩනගන සහ රටේ අනාගතය ගොඩනැගීමේ පූර්ණ වගකීම පැවරෙන කිසිදු වෘත්තියකට දෙවැනි නොවන උතුම්ම වෘත්තිය බවයි.
අද ගුරු සේවයේ සිටින දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිස අතරේ එම උතුම් වෘත්තියට සුදුසුකම් නොලබන සියයට අටක් -සියයට නමයක් අතර පිරිසක් සිටින බව ද සිදුකළ සමීක්ෂණවලින් කරුණු පෙන්වා දී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ අධ්‍යාපන සුදුසුකම් අනුව නොව සිය සේවයට දක්වන ගෞරවය, කැපවීම, කුසලතාවය සහ දක්ෂතාවය මත පෙන්වන දුර්වලතා අනුව බවද පෙන්වා දුන්නේය.
ගුරු වෘත්තියේ, රාජ්‍ය සේවයේ මෙන්ම දේශපාලන ක්ෂේත්රයේද පවතින මෙම අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම දියුණුව කරා පියනගන ජාතියක් ලෙස ඉතා අත්‍යාවශ්‍ය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඕනෑම ක්ෂේත්රයක පිළිගැනීම සහ ගෞරවය ආරක්ෂා වන්නේ එම ක්ෂේත්‍ර තුළ කටයුතු කරන පිරිස් සමාජයට ලබාදෙන චරිතවත් බව සහ ආදර්ශය තුළින් බව ද කියා සිටියේය.
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අලූතින් ඉදිකරන ලද ප්‍රති ආශ්රැතකරණ ජල පද්ධතිය සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
2018 අපේ‍්‍රල් 28 වන දින බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා ගුවන් මඟින් වයඹ විද්‍යාපීඨ කී‍්‍රඩාංගණය වෙත පැමිණි අවස්ථාවේ එම සිසුන් කළ ඉල්ලීම පරිදි මෙම ජල පිරිපහදු පද්ධතිය ඉදිකර දීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනමින් වෙන් කෙරුණු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව එම ඉදිකිරීම් නිම කෙරිණි.
ඒ අනුව 2000 වසරේ ආරම්භ වූ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ආරම්භයේ සිටම පැවති උග්‍ර ජල හි`ගයට පිළියම් ලබාදෙමින් වසර 20 කට පසු එම සිසුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයට විසඳුම් හිමිව තිබේ.
නව ප්‍රති ආශ්රැතකරණ ජල පද්ධතිය සිසු අයිතියට පවරාදීම සිදුවූයේ ජනාධිපතිවරයා අතිනි.
ඉන් අනතුරුව පැවති උත්සව සභාවේදී විද්‍යා පීඨයේ විශිෂ්ටතා දැක්වූ සිසුන් සඳහා සහතිකපත් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

