පාර්ලිමේන්තුව නොවැ.14 වනදා වහාම කැඳවන ලෙස ජනපති කථානායකට නියෝග කරයි
- RSL
- November 4, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- karu jayasuriya, President Maithripala Sirisena
- 0 Comments
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3)(I) අනුව ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල අනුව මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට නියෝග කොට ඇත.
ඒ අනුව, නොවැම්බර් මස 14 වන දින උදෑසන 10 ට පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.
කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මස 27 වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ජනාධිපතිවරයා විසින් තීරණය කෙරිණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගය පරිදි ඊට අදාල ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව නොවැම්බර් මස 16 වන දින තෙක් කල් දැමීමට තීරණය කෙරිණි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් බොහෝ දේශපාලන පක්ෂ හා ජාත්‍යන්තර ප්‍රජාව ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් රැසක් කර තිබිණි.


