ජනපති කැබිනට්ටුවට තඟ දමයි..?
- RSL
- August 12, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
කැබිනට් රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ ඉන් පිටතට පැමිණ මාධ්‍ය හරහා විවේචනය නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සියලු ඇමැතිවරුන්ට තරයේ නියෝග කර තිබේ.
එවැනි සාමූහික තීන්දු පිටතට පැමිණ විවේචනය කිරීම නිසා රජයේ විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ඒ තුළින් රජයේ කටයුතු ගැන වැරැදි අවබෝධයක් ජනනය වන බවද ජනාධිපතිවරයා පවසා ඇත. කැබිනට් හමුව තුළ කිසිදු අදහස් දැක්වීමක් නොකර සිට එම හමුවෙන් එළියට පැන සිය වාහනයට ගොඩ වූ මොහොතේ සිටම මාධ්‍යයට ‘හඬ පට’ ලබා දීමට ඇතැම් ඇමැතිවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බවට පැමිණිලි ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම නියෝගය දී තිබේ.
ආණ්ඩුවේ කටයුතු ගැන යම් විරෝධයක් ඇත්නම් එය කැබිනට් හමුව තුළම අවසන් කර ගැටලුව විසඳා ගැනීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට තරයේ අවවාද කර ඇත.
-මව්බිම-

