සයිටම් කමිටුව ජනපති යළි අලුත් කරයි
- RSL
- November 6, 2017
- උණුසුම් පුවත්
- Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් නව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් මීට පෙර පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ එම යෝජනාවලට ඇතුළත් නොවූ කරුණු සොයා බැලීම නව කමිටුව වෙත පවරා තිබේ.
එබැවින් රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති යෝජනා විසඳුම් ක්‍රියාමාර්ග පිළිබද සලකා බලා තවදුරටත් පවතින ගැටළු පිළිබඳ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු පාර්ශවයින්ගෙන් ඉල්ලා සිටියි.



