ජනපති මෛත්‍රී වෙනස පෙන්වයි! ඉතිහාසයේ මෙතෙක් ඇල්ලූ විශාලතම හෙරොයින් තොගය වැටලූ මෙහෙයුම (වීඩියෝ)
- RSL
- February 24, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- CID, Heroin, President Maithripala Sirisena
- 0 Comments
2015 වසරේ සිට “මතින් නිදහස් රටක්” ව්‍යාපෘතිය යටතේ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායක් යටතේ රටේ ජනතාව මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය තමා යටතට පවරාගත් අතර එහි ප්‍රතිථිල මේ වන විට ජනතාවට ඉතා කෙටිකලක් තුල ඇස් පනාපිටම දකින්නට ලැබීම අද්විතීයය.
මෙහි ප්‍රතිථිලයක් ලෙස මෙතෙක් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා පොලිස් විශේෂ බලකාය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
එම වැටලීමේ දී සැකකරුවන් දෙදෙනෙකු සමඟ වෑන් රථ දෙකක් ද අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් අත්අඩංගුවට පත්ව ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 2945 ක් බව ද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 32 හා 43 වයස්වල පසුවන පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
ඊයේ(23) සවස කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය අසල ඇති රථ වාහන ගාල් කරනු ලබන ස්ථානයේ දී මෙම වැටලීම සිදු කර තිබේ.
මත්ද්‍රව්‍ය ඡාවාරම් කිරීමේ අරමුණින් මෙම හෙරොයින් තොගය ළඟ තබා ගෙන සිට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

