ජනපති මෛත්‍රී ආයෙත් මුට්ටිය දමයි
- RSL
- October 20, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, President Maithripala Sirisena, SLFP, SLPP
- 0 Comments
වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිදුකරනු ලබන සැලසුම් සහගත දේශපාලන ප්‍රහාරය හමුවේ යලිත් තම දේශපාලන සතුරු කඳවුරේ හිතවතුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමේ උත්සහයක් මෛත්‍රීගේ ගෝලබාලයින් හරහා ක්‍රියාත්මක වන බවට වාර්තාවේ.
දේශපාලනයේ සදාකාලික සතුරෝද නැත මිතුරෝද නැත යන තේමා පාඨය මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන මෙම දේශපාලන මෙහෙයුම මඟින් තමාගේ පෞද්ගලික ආරක්ෂාව සහ දේශපාලන රැකවරණය සහිත ඉදිරි ගමනක් ජනාධිපති මෛත්‍රී විසින් අරමුණු කරගෙන ඇත. මෙම මෙහෙයුම 16 කල්ලිය, ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ යන දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන්ගෙන්ම සමන්විත වේ. දේශපාලන අරාජිකත්වය මත පත්ව ඇති උභතෝකෝටිකයට විසඳුම් සෙවීමත්, තමාගේ දේශපාලන හානි පූර්ණය සිදුකරගැනීමත් මෛත්‍රී මේ හරහා අපේක්ෂා කරයි.
එසේම මෙහි අවසානය යම් මොහොතක වඩාත් ශක්තිමත් ආණ්ඩුවක් හෝ ඊට මදක් වෙනස් ආකාරයක පොදු ගමනක් වෙනුවෙන් වූ ඉදිරි ගමනක් සහිත ආණ්ඩුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

