ජනපති මෛත්රී දෙවන මෙහෙයුම අවසන් කරයි! තෙවන මෙහෙයුම ඇරඹෙයි! මංගල මොංගල් කෙළමින් එජාපය අවසන් කරයි.
- RSL
- October 26, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, Prime Minister Mahinda Rajapaksa
- 0 Comments
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් පුරා මාස 03 කට අධික කාලයක් තිස්සේ සිදුකරනු ලැබූ සිය දෙවන දේශපාලන මෙහෙයුම අද(26) සවස සාර්ථකව අවසන් කරනු ලැබූයේ එක්සත් ජාතික පක්ෂයට තම රජයක් පවත්වාගෙන යෑමට ලබාදී තිබූ අවස්ථාවෙන් නිසි ප්රයෝජන ලබානොගෙන ඉන් පරිබාහිර දේශපාලන ඉලක්ක හඹා යෑම හේතුවෙන්. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානය ගත ආණ්ඩුව නිමා කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ජාතික ආණ්ඩුවක් අද බිහි විය.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද සවස ශ්රී ලංකාවේ 13 වන අග්රාමාත්යවරයා ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් අතර නව දේශපාලන ගමනක ආරම්භයත්, තවත් එක් මෙහෙයුමක අවසානයත් අද මෙසේ සටහන් විය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විනාශ කොට ගෙදර යැවීමේ පූර්ණ වගකීම කුප්රකට එජාප මන්ත්රීවරයෙකු වන මංගල සමරවීර විසින් සිදුකළ බව අප අවධානයෙන් යුතුව මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමු.
පසුගිය මාස කිහිපය තුල රීඩ් ශ්රී ලංකා දේශපාලන මුහුණත අප වෙනස් කළ අතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ එම පක්ෂය විනාශ කරන පින්සිරි මංගල සමරවීර ඇතුළු පිරිස් සම්බන්ධයෙන් අප එජාප පාක්ෂිකයින් ඇතුළු ඉහළ පිරිස් දැනුවත් කිරීමට උත්සහ ගත් බව ඔබට පෙනෙන්ට ඇත.
දේශපාලනය තුළ ටයි කෝට් පැලැඳ ගසනා යටි කූට්ටු මෙහෙයුමක් පරාජයට පත්කර යුතු වන්නේ එවැනිම මෙහෙයුමකින් බව අපද විශ්වාස කරමු.
ඉදිරියට රැදී සිටින්න අප සමඟ.. “වඩාත් විශ්වාසනීය කියවීමක්” වෙනුවෙන් කැප වුණු අප රටත් ජනතාවත් පාඨක ඔබ වෙනුවෙන් අප නිරන්තරයෙන් අද්වීතියව කැප වෙමු.

