ජනපති-අගමැති සතර කන් මන්ත්‍රණයක්! 2025 දක්වා ගමන නොනැවතී ඉදිරියට!
- RSL
- October 15, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, President Maithripala Sirisena, Prime Minister Ranil Wickramasinghe, Ranil Wickeramasinghe
- 0 Comments
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (12) සන්ධ්‍යාවේ හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වූ බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී පැවැති මෙම සාකච්ඡාවට විනාඩි 50ක පමණ කාලයක් පවත්වා ඇතැයිද සඳහන්ය. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සීෂෙල්ස් හා නෝර්වේ – මහා මහා බ්‍රිතාන්‍යය සංචාරයන්ගෙන් අනතුරුව ඔවුන් දෙපළ පමණක්ම පෞද්ගලිකව හමු වී කළ එම රහස් සාකච්ඡාව පිළිබඳ තොරතුරු කිසිවක් මාධ්‍යට අනාවරණය කළේ නැත.
කෙසේ වෙතත් “අද වැටෙයි; හෙට වැටෙයි” කියා සිතමින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධයේ පිරිස් ආණ්ඩු පෙරළි, සභාග ආණ්ඩු ගැන බයිලා ගසමින් රට වටේ මාධ්‍ය හමු පවත්වමින්, රෑට රෑට පාටි දමමින් කාලය කා දැමූවද රනිල්-මෛත්‍රී සම්මුතිවාදී ආණ්ඩුව 2025 දක්වා අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට නායකයින් දෙපල මෙහිදී එකඟතාවයට පැමිණ ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

