ජනපති සංවේදී මොහොතක (විශේෂ-වීඩියෝ)
- RSL
- January 27, 2017
- විශේෂාංග
- Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ගාල්ලේ පැවති උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී සිදුවූ සංවේදී සිදුවීමක් අප වෙත වාර්තාවේ. එකවර කුඩා දැරියක් ලොකු බෝතලයක් අතින් ගෙන ආරක්ෂක වලලු බිඳගෙන ඉදිරියට පැමිණ ඇත. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් එය වැලක්වීමට උත්සහ කළද ජනාධිපතිතුමා එම දැරියට තමා වෙත පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙස පවසා ඇයව කැඳවා ඇත.
“ආ.. මගේ දුවේ.. මොනාද ඔය ලොකු බෝතලයක දාගෙන මට අරන් ආවේ..” ජනාධිපතිතුමා දැරියගේ හිස අතගාමින් අසා ඇත.
“සර්.. මේ තාත්තා වකුගඩු රෝගීන් වෙනුවෙන් හදපු බෙහෙතක්”. පුංචි දැරිය තමා රැගෙන ආ ලොකු බෝතලය ජනාධිපතිතුමාට පිලිගැන්වීය.
එහෙත් ඉන් නොනැවතුනු ජනාධිපතිතුමා “ඉතින් කෝ දුවේ තාත්තා…” කියා ඇසීය.
“සර්..තාත්තා අතන ඉන්නවා. එන්න මම සර්ට පෙන්වන්න” කියමින් මේ පුංචි දැරිවිය ජනාධිපතිතුමාගේ සුලැඟිල්ලේ පැටලෙමින් එතුමාව තම තාත්තා සිටින තැන වෙත ගෙන යන්නට මඟ පෙන්වුවාය.
තම රටේ රාජ්‍ය නායකයා, ජනාධිපතිවරයා තම පුංචි දියණියගේ හඬට කන් දී තමා වෙත මෙලෙස පැමිණෙනු ඇතැයි කිසි ලෙසකින්වත් නොසිතූ නොපැතූ ඒ තාත්තා සතුටු කඳුළින්, පැටලුනු වචන අතරින් තමා මේ රටේ ජනාධිපතිවරයා අසරණ වකුගඩු රෝගීන් සුවපත් කරන්නට දරණ සටනට තමාට හැකි පමණින් සිදුකළ වික්‍රමය කියන්නට උත්සහ ගත්තේය.
රටේ අතිගරු ජනාධිපතිතුමන් තමාගේ හඬට මෙලෙස කන් දී පැමිණේවියැයි නොසිතු පුංචි දියණිය සතුටු කඳුළින් යුතුව ජනාධිපතිතුමාගේ දෙපා වැඳ තම ගෞරවාදරය ජනාධිපතිතුමා වෙත ප්‍රකට කළාය.
තමා රාජ්‍ය නායකයා ලෙස රටවැසියන්ට කෙතරම් සංවේදී, ලෙන්ගතු නායකයෙකුද වන වග එතුමාගේ චර්යාධර්ධ තුලම අන්තර්ගත වීම සැබැවින්ම මෙරට ජනතාව ලැවූ සුවිශේෂී භාග්‍යයක් බව මෙම සංවේදී සිදුවීම පටිගතව තිබූ වීඩියෝව නැරඹීමෙන් අවබෝධ වනු ඇත.