පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා පවසයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්කයේ ඇති බලාත්මකභාවය පිළිබඳව විමසු අවස්ථාවේදී එසේ පැවසු ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා මේ සම්බන්ධයෙන් මත පළ කිරීමෙන් කිසිඳු ප්‍රයෝජනයක් නැතැයිද මෙහි යම් ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම තුළින් යැයිද පැවසීය.
කතානායකවරයා පාර්ලිමෙන්තුවේ කටයුතු හසුරුවනු ලබන තැනැත්තා පමණයි. ඔහුට රට පාලනය කළ නොහැකියි. අගමැතිවරයා සම්බන්ධයෙන් මතුවු ගැටළුවේදී කතානායකවරයා ක්‍රියාකළ ආකාරයෙන් සුවිශේෂි තත්වයක් නිර්මාණය වී තියෙනවා. මේ අනුව ජනාධිපතිවරයාට ඇති අමතර බලය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහු ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි.