රනිල්ව අගමැතිධුරයෙන් නෙරපා හැරි බවට ජනපති දැනුම් දෙයි; රනිල් යන්න බැහැ කියයි (Video)
- RSL
- October 27, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Former Prime Minister Ranil Wickramasinghe, Prime Minister Mahinda Rajapaksa, Ranil Wickeramasinghe
- 0 Comments
තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපති ලේකම්වරයා මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
එම ලිපිය පහත දැක්වේ.

තව දුරටත් නීත්‍යානුකූල අගමැති තමා බව රනිල් වික්‍රමසිංහ පවසයි.
එසේම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දීම නීති විරෝධී ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තමා කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ පැවසීය.
තවදුරටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තමා වෙත පවතින බවද එය පෙන්වීමට කටයුතු කරන බවද රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.

