ඝාතනයට ලක් වූ පොලිස් සැරයන්ගේ පවුලට ග්‍රාම ශක්තියෙන් ජනපතිගෙන් ශක්තියක්
- RSL
- December 11, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena
- 0 Comments
මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වී තිබේ.
ඒ ජනාධිපති කාර්යාලයේ දී ය.
මෙහිදී එම පිරිස සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ අභාවය පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කර ඇත.
වයස අවුරුදු හතරහමාරක් වයසැති කුඩා පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සුබසාධන කටයුතු සඳහා සහය දැක්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එමෙන්ම නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ වන නදීකා ලක්මාලි මහත්මිය වෙත ගාල්ල, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාමශක්ති වැඩසටහනේ සංවර්ධන නිලධාරී පත්වීමක් ලබාදීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

