ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කල්ලියට තවමත් ඇමති සැප ජනපති මෛත්‍රී නිසාද..?
- RSL
- August 21, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, President Maithripala Sirisena, SLFP, Sri Lanka Freedom Party
- 0 Comments
ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් මෑතකදී ඉවත් ව ඒකාබද්ධ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලියේ මන්ත්‍රීවරුන් සඳහා මේ වන විටත් ඇමැති ආරක්‍ෂාව ලබා දී තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් වන එම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්‍ෂක නිලධාරීන් ප්‍රමාණය ඉක්ම වූ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් මෙන්ම ඇමති ආරක්‍ෂක පරිවාර රථද හිමිව ඇත.
සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකු සඳහා ඇමති ආරක්‍ෂක කොට්ඨාස (MSD) නිලධාරීන් 08ත්, 16ත් අතර ප්‍රමාණයක් හෝ ඇතැම් විට 20ක පමණ ප්‍රමාණයක් මෙන්ම ඊට අවශ්‍ය පරිවාර රථද යොදවන අතර, අදාළ නිලධාරීන් හා රථ නඩත්තුව සඳහා සැලකිය යුතු පිරිවැයක් රජය විසින් දරනු ලැබේ.
එවැනි තත්ත්වයක් තුළ අදාළ නිලධාරීන් හා නිල රථ වෙනත් රාජකාරි කටයුතුවල යෙදවිය හැකිව තිබියදී, අමාත්‍ය ධුරවලින් ඉවත්ව සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස විපක්‍ෂයද නියෝජනය කරමින් සිටින පුද්ගලයන්ට ඇමති ආරක්‍ෂක වරප්‍රසාද ලබා දී ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවේ ප්‍රධාන පංගුකාරීත්වය දරණ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි දර දඬු ප්‍රතිපත්තියක සිටිමින් මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට ලැබෙන සියලු වරදාන වරප්‍රසාද ලැබෙන්නේ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වීම නිසාදැයි දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති.

