කිසිදු රණවිරුවෙක් විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් කරන්නේ නෑ – ජනපති කියයි

Spread the love

කිසිදු රණවිරුවෙකු විදේශීය හමුදා අධිකරණයකට ඉදිරිපත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේ බල ඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් හා රෙජිමේන්තු සැරයන්, මේජර්වරුන් ඇතුළු 350 කට අධික පිරිසක් අමතමින් කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී එසේ පැවසීය.

ජනාධිපතිවරයා සිය දේශනයේ දී රැස්ව සිටි සිය ගණනක් වූ හමුදා සාමාජිකයන් පිරිස අමතමින් මෙම හමුව සංවිධානය කිරීම පිළිබඳව ආරක්ෂක ලේකම්තුමන්ට සහ යුද්ධ හමුදාපතිතුමන්ට ස්තූතිවන්ත වූ අතර, ඔවුන් රට වෙනුවෙන් සිදුකරනු ලබන්නා වූ මෙහෙය තවදුරටත් ඉටුකළ යුතු බැව් ද සිහිපත් කළහ. ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස අමතමින්,

‘ඔබ සියලුදෙනා කැපවීමෙන් රට ආරක්ෂා කිරීම සඳහා පෙරට පැමිණීම පිළිබඳවත්, ජාතික ආපදාවන් ඇති වූ සෑම අවස්ථාවකදීම තම ජීවිත පරදුවට තබා ක්‍රියාකිරීම පිළිබඳවත් අප සියලුදෙනා ඔබ වෙත ණයගැතියි. ජාතිය වෙනුවෙන් නැඟී සිටින ඔබ සියලුදෙනා ජාතික ආපදාවන්, වසංගත උවදුරු, නායයෑම් ආදී අවස්ථාවලදී සෑමවිටම පෙරමුණ ගෙන කටයුතු කර තිබෙනවා. සාමකාමී සමාජයක් ලෙසින් සාමය, සංහිඳියාව සහ එකමුතුභාවයෙන් හා අවබෝධයෙන් ඉදිරි ගමනක් යන අප රට සංවර්ධනය කිරීම සඳහා ඔබගේ සහාය තවදුරටත් අවශ්‍යයි.’

‘රටේ නායකයා ලෙස මා සිටින තුරාවට ඔබලාගේ කිසිවෙකු කිසියම් හෝ යුද්ධ අධිකරණයක විනිශ්චයකට අවසර නොදෙන බවට මා ‍ඔබට පොරොන්දු වෙමි. යම් කිසිවෙකු වැරැද්දක් කර ඇත්නම් ඒ පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ රටේ දැනට පවතින නීතියට අනුකූලව අධිකරණය හමුවේ පමණක් වනු ඇත. අපේක්ෂා භංගත්වයට පත්වුණු ඇතැම් දේශපාලනඥයින් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන්, රණවිරුවන් යුද්ධ අධිකරණයක් හමුවේ විනිශ්චයකට ලක්කොට දඬුවම් පමුණවීමට තැත්කරනා බවට කරන ප්‍රකාශයන් පිළිබඳ රටේ ජනාධිපති වශයෙන් එවැනි කිසිදු දෙයක් සිදුවීමට ඉඩ නොදෙන බවත්, කිසිවෙකු විදේශීය විනිසුරුකරුවන් ඉදිරියේ ප්‍රශ්න කිරීමකට ලක්කිරීමට ඉඩ නොදෙන බවත් මේ අවස්ථාවේදී මා පැහැදිලිව ප්‍රකාශ කරමි. ඒ හේතුවෙන්, එවැනි පදනම් විරහිත චෝදනා සහ වැරදි සහගත ප්‍රකාශයන් තුළින් ඔබ නොමඟ යා හැකි බවත් මා මෙහිදී පවසමිÓ යනුවෙන් ප්‍රකාශ කළේය.

ලෝකයේ කිසිදු මානුෂික අයිතිවාසිකම් සංවිධානයකට කිසිම පදනමක් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බලපෑම් සිදුකිරීමට ඉඩ නොදෙන බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා ස්වෛරී රාජ්‍යයක් වශයෙන් කිසිදු අතපෙවීමකින් තොරව අපගේ ගැටලු විසඳා ගැනීමට අපට ඇති හැකියාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත්කොට ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

Òඇතැම් ප්‍රකාශ කටකතා සහ අපව අවතක්සේරු කරන්නන්ට නොරැවටී මාව විශ්වාස කරන මෙන් මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා. ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී ඔබ සියලුදෙනා විසින් ඉටුකරන ලද විශිෂ්ට මෙහෙය මා අගයන අතර, ජාතියක් වශයෙන් සාමය හා සංහිඳියාව ඇතිකිරීම උදෙසා ඔබගේ උපරිම සහයෝගය ලබාදෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා. එසේම ඉතිහාසයේ දී මෙන් නොව කිසිදු රණවිරුවෙකුගේ විදේශ සංචාරයන්ට කිසිදු බාධාවක් ඇති නොවන බවටත් මා තරයේ අවධාරණය කර සිටිනවා.

සියලුදෙනා විසින්ම ඉතා දුෂ්කරතා මධ්‍යයේ ලබාගත් සාමය, රටේ සෞභාග්‍යය ඇතිකිරීමෙහිලා තවදුරටත් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා දැනට පවතින යහපත් තත්ත්වය ඉදිරියටත් පවත්වා ගැනීමට රජය විසින් සෑම උත්සාහයක්ම ගන්නා බවත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අනාගතයේදී ලොව විශිෂ්ට හමුදාවන්ගෙන් එකක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයා භට පිරිස් අමතමින් සිදු කළ දේශනය අවසානයේ දී ඔවුන් සමඟ තේපැන් සංග්‍රහයකට ද එක්වූ අතර, දේශනයට සහභාගි වූ හමුදා සාමාජිකයින් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ.

ජනාධිපතිතුවරයාගේ දේශනය සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ අනෙකුත් හමුදා ආයතනවල යුද්ධ හමුදා සාමාජිකයින් 30,000 කට අධික පිරිසකට නැරඹීමට අවස්ථාව සලසමින් එම දේශනය සජීවීව විකාශනය කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුද හමුදාපති ලුතිනන් ‍ෙජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරු සහභාගි වූහ.

RSL

Related Posts