වත්මන් රජයේ නිල කාලය තුළ රටේ සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
දිවයින පුරා ගම්මාන 454ක වැඩකටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද දිඹුලාගල, මීවත්පුර “සඳරැස්ගම“ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙහිදී 2016 නිවාස අවශ්‍යතා පිළිබඳව සමීක්ෂණ වාර්තාව ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. මෙම උත්සවයට සමගාමීව විසිරි නිවාස ණය ප්රදානය, ශිල්ප සවිය යටතේ පුහුණුව ලබන අභ්‍යාසලාභීන් වෘත්තීය උපකරණ කට්ටල ප්රදානය, ඇස්කණ්ණාඩි ප්රදානය, හොඳම ගෙවතු වගාවන් සඳහා තිළිණ ප්රදානය ආදී වැඩසටහන් රැසක් ද කි‍්‍රයාත්මක කෙරිණි.
වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිවසක් ඉදිකරගැනීම සඳහා ඉඩමක් නොමැති පවුල් 1850 ක් වෙනුවෙන් ලබන ජනවාරි මාසය වන විට ඉඩම් ලබාදීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීම සිදු කරන ලෙස ද මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් ද, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරාළ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.