මුදල් හා ආර්ථික අමාත්‍යංශත් ජනපති යටතට!
- RSL
- January 20, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, දේශපාලන, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena
- 0 Comments
ගතවූ අවුරුදු තුන තුළ රටේ ආර්ථිකය පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට බාරදී තිබූ බවත් මේ වසරේ සිට රටේ ආර්ථිකය තමන් බාර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන රැළියකට එක්වෙමිනි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් කළ සොයාබැලීම් වලින් දැනගන්නට ලැබුණේ මුදල් හා ආර්ථික අමාත්‍යංශවල සිදුව ඇති අක්‍රමිකතා සහ ගෙවී ගිය වසර තුන තුළ එජාපය යටතේ සැලකිය යුතු වර්ධනයක් සිදුනොවීම හේතුවෙන් මුදල් හා ආර්ථික, සංවර්ධන කටයුතු විදිමත්ව සහ වේගවත්ව සිදුකිරීම වෙනුවෙන් මෙම අමාත්‍යංශ පවරා ගැනීමට හැකි බවයි.

