ජනාධිපතිවරණය නොවැම්බර් 16 පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම් සභාව පවසයි; ජනපති මෛත්‍රී මීලඟ පියවරට සූදානම්!
- RSL
- September 18, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena
- 0 Comments
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම අද(18) පැවසීය.
ඒ අනුව නොවැම්බර් 16 වනදා පැවැත්විය හැකි ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07වනදා ආරම්භ කළ හැකි බවද ඔවුන් පවසයි.
එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර ඔහුගේ මීලඟ පියවර කුමක්ද යන්න පිළිබඳව දැඩි අවධානයක් පවතී.
කෙසේ වෙතත් මීට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් අද (18) හෝ ඉදිරි දිනයකදී නිකුත් කිරීමේ හැකියාවක් පවතී.

