එජාපයේ දේශපාලන පත්වීම් 5000ක් ජනපති නවතා දැමූ හැටි
- RSL
- June 24, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, United National Party, UNP
- 0 Comments
උපාධිධාරීන් පන්දහසකට රජයේ පත්වීම් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පසුගියදා පැවැති කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවනු ලැබ ඇතැයි ආණ්‌ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පත්වීම් ලබා දීම නිසි ක්‍රමවේදයකට සිදුකර නැති බවත් දේශපාලන මැදිහත්වීමකින් තොරව වඩාත් විනිවිදභාවයකින් යුතුව යළි එම ලැයිස්‌තුව සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇතැයි එකී ආරංචි මාර්ග සඳහන් කළේය.
උපාධිධාරීන් පන්දහසකට පමණක් නොව උපාධිධාරීන් සියලු දෙනාටම රැකියා ලබාදිය යුතුයි යන මතයේ ආණ්‌ඩුව සිටින බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
එහෙත් මෙම ලැයිස්‌තුවට තමාට අනුමැතිය දිය නොහැකි බවත් ඒ නිසා නිවැරදි ආකාරයේ කිසිවකුට අසාධාරණයක් නොවන ලැයිස්‌තුවක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ.
ආණ්‌ඩුව මෙම වසරේදී උපාධිධාරීන් පහළොස් දහසකට රැකියා ලබාදීමට තීරණය කර ඇති අතර එහි පළමු පියවර ලෙස මෙලෙස උපාධිධාරීන් පන්දහසකට රැකියා ලබාදීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ ඇත.
-ඉරිදා දිවයින-

