සැකකරුවන්ට ඇප ලැබීම පිටුපස සැකයක්! පොලිසියෙන්ම විමර්ශනයක්

Spread the love

රිමාන්ඩ් භාරයට පත් කර සිටි වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව අතර මේ නිසාම පොලීසිය විසින් යම් දෝෂයක් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.

RSL

Related Posts