ප්ලාස්ටික් හාල් බොරුව පැතිරවු අයට වැඩ වරදී..
- RSL
- June 15, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
සමාජ මාධ්‍ය තුළ ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් ව්‍යාජ මතයක් නිර්මාණය කළ පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පවසයි.
ඒ අනුව සමාජ මාධ්‍ය තුළ මෙම මතය නිර්මාණය කළ හා ප්‍රචලිත කළ පිරිස් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට අධිකාරිය තීරණය කළ ඇති බව අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේ ප්ලාස්ටික් සහල් පිළිබඳ ව්‍යාජයක් මවාපෑම කුමන්ත්‍රණයක් බවයි.