මංගලගේ මොංගල් ගැට පුස්සක් කරමින් රුපියල තව තවත් බාල්දු වෙයි; ඩොලර් මිලියන 184ක් වතුරේ

Spread the love

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයාට හිමි ඓතිහාසික වාර්තාවට හිමිකම් කියමින් සිටින වත්මන් රජයේ මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර යටතේ අද (04) දින රුපියල තවත් බාල්දු වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 171.4279 ක් ලෙසින් සටහන් විය.

පසුගියදා මංගල සමරවීර විසින් රුපියල බාල්දු වීම පාලනය සඳහා යැයි කියමින් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ආනයනයට පවා සීමා පැනවු අතර රාජ්‍ය සේවකයින් ඇතුළු පොදු මහජනතාව ගෙන්වන වාහන සඳහාද අධිභාරයන් පැනවීය. එයින්ද නොනැවතුනු වැඩ බැරි මුදල් ඇමති මංගල ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 184ක් රුපියල බාල්දු වීම පාලනය කිරීම සඳහා යැයි පවසමින් විකුණා දැමීය.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද(04) දිනයේ දී එය පළමු වරට රු. 171 සීමාව ඉක්මවා ගියේය.

මේ අතර විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය වීම පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව මැදිහත් වන බව පසුගියදා (02) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී.

එහෙත් ආර්ථික සහ මූල්‍ය විශේෂඥයින් පවසන්නේ, මෙම ක්ෂේත්‍රයට අදාළ අවම සුදුසුකම් වල අවමයවත් නොමැති ඇමතිවරයෙකු වන මංගල සමරවීරට රුපියල තබා තමා හැදු තෙල් මිල සූත්‍රයවත් තවම ජනතාවට තබා පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කිරීමට දැනුමක් හෝ හැකියාවක් නොමැති බවයි.

ආශ්‍රිත පුවත්: බාල්දු වන රුපියල රැකගන්න භාණ්ඩාගාරය සතු ඩොලර් මිලියන 184ක් විකුණයි!

RSL

Related Posts