මහ බැංකුවට එරෙහි පර්පචුවල් ට්‍රෙෂරීස් පෙත්සම 19ට කල්යයි
- RSL
- October 13, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Perpetual Treasuries
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම සමාගමට ලබාදී තිබූ බලපත්‍රය අත්හිටුවිමට ගෙන ඇති තීරණය අහෝසි කරන්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 19 වනදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය කල්දමා ඇත.
අදාල පෙත්සම අද (13)ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවූ අතර එහිදි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරනයට දන්වා සිටියේ එම පෙත්සමේ වගඋත්තර කරුවන් දෙදෙනකු ධුරයන් වෙනස් වී ඇති නිසා ඒ පිළිබඳ සංශේධන ඉදිරිපත් කරන්නට කල් අවශ්‍ය බවයි.
ඒ අනුව පෙත්සම සංශෝධනය කර ඉදිරිපත් කිරීම සදහා කල් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එය ලබන 19 වැනිදා සලකා බලන බව ප්‍රකාශ කළේය.
පෙත්සම්කාර සමාගම අධිකරණය හමුවේ කියා සිටින්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා අත්තනෝමතික ලෙස අදාල බලපත්‍රය අත් හිටුවිම තුළින් තම ව්‍යාපාරික කටයුතුවලට දැඩි අගතියක් සිදුවන බවය.
එම නිසා මහා බැංකුවේ ක්‍රියාකරකම් තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබා දෙන මෙන්ද පෙත්සම්කාර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

