පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනපති නියමයෙන් කථානායක දැනුම් දෙයි
- RSL
- November 2, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- karu jayasuriya, Parliament, President Maithripala Sirisena
- 0 Comments
ජනාධිපතිවරයා සමඟ තමන් සිදුකළ පැය එකහමාරක පමණ දිර්ඝ සාකච්ඡාවේ ප්‍රතිථලයක් ලෙස ජනාධිපතිවරයා තමාට කථා කොට පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට දැනුම් දුන් බව කථානායක කරු ජයසුරිය අද දැනුම් දුන්නේය.
කථානායක කරූ ජයසූරිය සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අද(02) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව ආරම්භ වී තිබේ.
නොවැම්බර් මස 16 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබුණ ද තමා සමඟ සිදු කළ සුහද කථා බහෙන් පසුව පාර්ලිමේන්තුව ලබන සතියේ කැඳවීමට එකඟතාවය පළ කළ සිටි බවත්, පැවසූ කරූ ජයසූරිය මහතා පසුව එම දිනය 7 වන දා බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කියා සිටියේය.
පාර්ලිමේන්තුව වහාම කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසුකච්චි, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ කළ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය දැක්වීම සඳහා මෙම හමුව අද දිනයේ දී පවත්වා තිබේ.

