මිලේනියම් සිටි ඉරණම බැඳුම්කර කොමිසමටත් – අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර
- RSL
- September 18, 2017
- දේශපාලන
- Bond Commission, Bond scam, Palitha Range Bandara
- 0 Comments
බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදු කරන විමර්ශන විසඳමකින් තොරව අවසන්වීමට ඉඩ ඇති බවත් මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාවට අදාළ කරුණු අධිකරණයක් හමුවේ ඔප්පු කර පෙන්වීමට හැකියාවක් නොමැති වනු ඇති බවයි.
කෙසේ වෙතත් කමිටු පත් කරමින් හා කොමිෂන් සභා පත්කරමින් ඒ පිළිබඳ විමර්ශන සිදු කිරීමට පියවර ගෙන ඇති බවත්, එහිදී යම් යම් කරුණු ඔප්පු වෙමින් තිබුණද ඒවා ඇතැම් විට අධිකරණයකදී ඔප්පු කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවද පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මිලේනියම් සිටි සිද්ධීයේදීද දැවැන්ත හඩක් නැගුණද කුමන විමර්ශන දියත් වුවද නඩුවක් කි‍්‍රයාත්මක නොවීමෙන් හා වරදකරුවෙක් හෙළිදරව් නොවීමෙන් එහි අවසානය සිදු වූ බවත්, එවැනිම ආකාරයකින් බැඳුම්කර සිද්ධියද නිමාවට පත්වීමට ඉඩ ඇති බවත් ඔහු පැවැසීය.

