හෙළ උරුමය වැනසූ පා.ච.රණවක සජිත් සමඟ එජාපයත් උලාකන්න සැරසෙයි

Spread the love

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දැක්ම සහ නිසල දේහය විකුණන් කමින් ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවට රිංගා ගත් පා.ච.රණවක නොහොත් චම්පික වසර කිහිපයක් තුළ සඟ සතු පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය කොල්ල කමින් එම පක්ෂයද විනාශ කොට තම පුද්ගලික බූදලයක් බවට පත් කරගත්තේය. එහෙව් අමන ගති ඇත්තෙකු වන පච රණවක මේ වන විට එජාපයේ පරාජිත ජනාධිපති අපේක්ෂයා වූ සජිත් ප්‍රේමදාසවද ගොනාට අන්දවමින් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කොට එජාපයට සියතට ගැනීමට සැලසුම් සකස් කොට ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහිකරන ‘පුළුල් ජනතා සන්ධානයට’ පූර්ණ සහාය ලබා දෙන බව පක්ෂ 03ක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, ජාතික හෙළ උරුමය වෙනුවෙන් පාඨලී චම්පික රණවක, දමිළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් මනෝ ගනේෂන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වෙනුවෙන් රවුෆ් හකීම් යන පක්ෂ නායකයින් විසිනි.

‘විජයග්‍රහණයක නව ඇරඹුමකට සන්ධානගත වීම’යන ශීර්ෂයෙන් නිකුත්කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

‘විජයග්‍රහණයක නව ඇරඹුමකට සන්ධානගත වීම’

ඉතා නුදුරේදී තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේ වනවිට නිර්මාණය වී තිබේ. වත්මන් ආණ්ඩුව මේ වනවිටත් ජනතා අපේක්ෂාවන් සියල්ලම පාහේ බිද දමා ඇති අතර දේශපාලන පළිගැනීම් සහ ආර්ථික අවපාතයක් වෙතට රට තල්ලුකොට තිබේ.

දහසකුත් එකක් ජනතා බලාපොරොත්තුවලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්තම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරධූර වගකීම අප වෙත පැවරී තිබේ.

ඒ අනුව, මෑත කාලීනව අප එක්සත් ජාතික පක්ෂය හා එක්ව දේශපාලනික කටයුතුවල යෙදුණු අතර ඒ තුලින් ජනතා ජයග්‍රහණ රැසක් අත්පත් කර දීමටද අපට හැකි විය.

එළැඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර එලෙස පිහිටුවන සන්ධානයේ නායකත්වය,සන්ධාන මහලේකම් පත්කිරීමල අගමැති අපේක්ෂකත්වය මෙන්ම නාමයෝජනා කමිටුවේ ප්‍රධානත්වයද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමටද එකී කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දුකොට තිබේ.

ඉහත කාරණා කෙරෙහි අපගේ දැඩි අවධානය යොමුකොට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරනිපුළුල් ජනතා සන්ධානයට’ අපගේ පක්ෂද එක්ව ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීමේ උදාර මෙහෙවරට දායක වන බව නිවේදනය කරමු.

ඒ අනුව ජාතික හෙළ උරුමයල දමිළ ප්‍රගතිශීලී සන්ධානයල ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය යන දේශපාලන බලවේගද නව සන්ධානය සමඟ අත්වැල් බැඳගනු ඇත.

ව්‍යාජය සහ ප්‍රලාප තුලින් බලය ලබාගෙන මේ වනවිට ව්‍යාකූල රටක් නිර්මාණය කොට ඇති වත්මන් ආණ්ඩුව පරාජය කොට ශක්තිමත්, ප්‍රගතිශීලී සහ ජවසම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් අප ඇප කැපවෙන බවද නිවේදනය කරමු.

RSL

Related Posts