සියලු ඇමතිවරුවන්ට ජනපතිගෙන් නියෝගයක්!
- RSL
- September 29, 2017
- දේශපාලන
- Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
ලබන ජනවාරී මස සිට සියලු ඇමතිවරු සෑම දිස්ති‍්‍රක්කයකම පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් සඳහා සහභාගී විය යුතු අතර, තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ජාතික ආර්ථික සභාව දෙවන වරටත් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ සහ ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය මෙවර ජාතික ආර්ථික සභාව සඳහා කැඳවා තිබූ අතර අදාළ අමාත්‍යාංශවල මෙතෙක් කි‍්‍රයාකාරිත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.
පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සතු බලතල ශක්තිමත් කිරීම සහ පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර එය වඩා කාර්යක්ෂමව සහ ශක්තිමත්ව කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
2018 අය වැය සකස් කිරීමට අදාළව සිදු කෙරෙන කටයුතු සහ ඒ පිළිබඳ සිදුවිය යුතු සංශෝධන පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ගැනිණි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම්, අග‍්‍රාමාත්‍ය ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

