O/L ප්‍රතිඵල නොවැම්බර් අවසානයට පෙර නිකුත් කරනවා – විභාග දෙපාර්තමේන්තුව

Spread the love

2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසය අවසන්වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බොහෝ දුරට එම කටයුතු අවසන් වෙමින් පවතින බවත්, මෙම මාසයේ අවසන් දිනයට ප්‍රථම නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළේ.