කිම් ජොන්ග් ගෙන් භයානක ප්‍රතිඥාවක්!
උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහනේ දිනුම් කණුව කරා යන බවට නායක කිම් ජොන්ග් අන් ප්‍රතිඥා දී ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.
තම ඉලක්‌කය වී ඇත්තේ එක්‌සත් ජනපද හමුදාව සතුව පවත්නා බලයට “සම බලයක්” සහිත හමුදාවක් තැනීම බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර ඇතැයි එරට රජයේ නිල මාධ්‍යය වන KCNA පුවත් සේවය වාර්තා කර තිබේ.
ඔහුගේ මෙම ප්‍රකාශය වාර්තා වන්නේ ජපානයට ඉහළින් මිසයිලයක් විදිනු ලැබූ බව පසුගියදා (15) වාර්තා වීමෙන් අනතුරුවය.
උතුරු කොරියාව මෙතෙක් අත්හදා බැලූ මිසයිල අතරින් වැඩිම දුරක් ගමන් කොට මුහුදට පතිත වේ ඇත්තේ එම මිසයිලයයි.
කොයි තරම් සීමා තහංචි යෙදුවත් අපි න්‍යෂ්ටික බලයේ දිනුම් කණුව කරා යන්නේ කොහොමද කියල පෙන්වීම සඳහා උග්‍ර ජාතිභේදවාදීන්ට අපේ වැඩි බලය පැහැදිලිවම පෙන්විය යුතුයි යනුවෙන් කිම් ජොන්ග් අන් ප්‍රකාශ කළ බව KCNA පුවත් සේවය වාර්තා කර තිබේ.

