විද්‍යුත් මාධ්‍යයන්වලට, විශේෂයෙන් ම රූපවාහිනී නාලිකාවලට ගොඩ වදින නූගත් තරුණයන් මේ වකවානුවේ කරන්නේ, නිවේදනය නොව හස්ත විකාර මුඛ විකාර පෑම ය. හිසෙහි ඇත්තේ ඉස්සාගේ මෙන් අසූචි ය. පාරිභෝජන ධනවාදයේ මේ කාර්තුවේ, එනම් පරිභෝජනයම ජීවිතය යැයි ජනතාවට ඒත්තු ගන්වන මූලිකයා වන්නේ රූපවාහිනිය යි. ඒ අස්සට ගොඩවෙන ගොබ්බයන් සියලුම වැඩසටහන් මෙහෙයවන්නට වැටෙන අතර දේශපාලන වැඩසටහන් කියා ගන්න ගොබ්බ සංවාද මෙහෙයවන්නට ද ඉඩ හසර ලබති.
අප රටේ දැන් සිදුවන්නේ විදගද්ධ දේශපාලන සංවාදයක් නොවන බව කවුරුත් දනිති. ඇන්.ඇම් ලා, ජේ. ආර්ලාගේ තාලේ සංවාද නොව දැන් ඇත්තේ “හරකා, බූරුවා, හාල් හොරා, හරක් හොරා” ජාතියේ සංවාද ය. මේවා මෙහෙයවන නිවේදකයන් කියා ගන්නා ‘හස්ත විකාර මුඛ විකාරකාරයෝ’ තමනට මහා සංකේත බලයක් ආරෝපණය කර ගනිති. විමල්ගේ පක්ෂයේ එල්ලී මන්ත්‍රීවරයෙක් බවට පත් වූ නිරෝෂන් ප්‍රේමරත්නද එවැන්නෙක් බව ජන සමාජය ඉදිරියේ ඔප්පු කර ඇත.
“රාජපක්ෂ යුගයේ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. හැබැයි මම දැකල නැහැ රටේ ඉන්න යහපත් මනුස්සයෙක් මේ සුදු වෑන් වලින් උස්සල ගහල මරල දාල තියනවා කියලා. සුදු වෑන්වලින් පාතාලකාරයෝ ඉස්සුවා. ත්‍රස්තවාදීන් ඉස්සුවා..”
මේ ඔහුගේ මුග්ධ හඬයි. විමල් වීරවංශ තම මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය ගැන උත්තර බැඳිය යුතු ය. මේ මහින්ද යුගයේ පැසිස්ට් මුග්ධත්වය, ක්‍රෑරත්වය මිස අනෙකක් නොවේ. රටේ මූලික නීතියවත් නොදන්නා මෙවන් මුග්ධයන් පාර්ලිමේන්තුවට යැව්වාට මොහුගේ මාතර ඡන්දදායකයන් මඩුවලිගවලින් තමන්ට ම තළා ගත යුතු ය. අපේ අදහස නම් මේ ප්‍රකාශය හරහා රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව ය. එහි මූලික කොන්දේසියක් වන මිනිසුන්ගේ ජීවත්වීමේ නිදහස යන වගන්තිය ප්‍රසිද්ධියේ පිළි නොගන්නා නිරෝෂන් ප්‍රේමරත්නගේ මන්ත්‍රී ධුරය අහෝසි විය යුතු බව අපේ හැඟීම ය.