තිස්සගෙන් පක්ෂයක්
- RSL
- October 7, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Tissa Aththanayake
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මූලිකත්වය ගෙන ආරම්භ කිරීමට යන විකල්ප අලුත් දේශපාලන පක්ෂය ඉදිරි මාස දෙක ඇතුළත එළිදක්වන්නට යන බව වාර්තා වේ.
මේ පිළිබඳව තිස්ස අත්තනායක පහසා සිටියේ මාසය අවසන් වීමට පෙර එම විකල්ප දේශපාලන ව්‍යාපාරය සඳහා වන පක්ෂ කාර්යාලය පිහිටුවන බවයි.
අලුත් කණ්ඩායමක් ලෙස දේශපාලනයේ ඇට්ටකුණා නොවූ පිරිසකගේ සහභාගිත්වය ඇතිව විකල්ප දේශපාලන පක්ෂය ගොඩනැඟීම සඳහා වන සාකච්ඡා බොහෝදුරට සාර්ථක වී තිබෙන බවද තමාගේ අපේක්ෂාව එක් ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්ද 50ක් ලබා ගැනීම බවද ඒ අනුව ලක්ෂ පහක් ඉක්ම වූ ඡන්ද ප්‍රමාණයක් ඉතා පහසුවෙන් ලබාගත හැකි බවද ජනාධිපතිවරණයකදී එවැනි ඡන්ද ප්‍රමාණයක් තීරණාත්මක වන බවද අත්තනායක මහතා පැවැසීය.
ඔහු සඳහන් කෙළේ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට ඡන්ද ලක්ෂ 35 බැගින් වූ පදනමක් තිබෙන බවත් අනෙක් දේශපාලන පක්ෂත් සමඟ ගණන් බලන විට සියලු පක්ෂවල හා සංවිධාන වටා එක්රැස්ව ඇති ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 85ක් පමණ බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 120ක් පාවිච්චි වී තිබෙන අතර ඒ අනුව බලන විට මේ රටේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ලක්ෂ 35ක් පමණ පාවෙන ඡන්ද බවත් පක්ෂයක හෝ ජනාධිපතිවරණයකදී හෝ ජයග්‍රාහකයා තීරණය කරනු ලබන්නේ මේ පාවෙන ඡන්ද දායකයන් ලක්ෂ 35 විසින් බවද අත්තනායක මහතා පැවැසීය.

