ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු බණ්ඩාරනායකවරුන්ගේ බූදල් පක්ෂයක් යැයි සිතාගනිමින් උග්‍ර රාජපක්ෂ විරෝධයකින් පෙළෙන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෛත්‍රී-මහින්ද සන්ධානයට එරෙහිව යන “පිවිතුරු ශ්‍රීලනිප” යැයි බාහිරින් පෙන්වන එක්සත් ජාතික පක්ෂයට හිතවත් නව දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීමේ ක්‍රියාන්විතයක මේ වන විට නියැලැමින් සිටින බවට වාර්තාවේ.
මේ සඳහා චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රීලනිපයට සම්බන්ධ රාජපක්ෂ විරෝධී කණ්ඩායම සහ රාජපක්ෂ කඳවුරේ සිටින මෛත්‍රී විරෝධී යන දෙකොට්ඨාශයම සම්බන්ධ කරගමින් එක්සත් ජාතික පක්ෂයේ චන්ද්‍රිකාගේ බළල් අත වන මංගල සමරවීරට සම්බන්ධ කර ඔවුන්ගේ දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් කඩේ යෑවීමට නියමිතව ඇත.
මේ මොහොතේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ, බහුතරය සොයා ගනීමට වෙර දරන මෛත්‍රී-මහින්ද ආණ්ඩුවේ ඉලක්කය විනාශ කිරීම වන අතර, දෙවන ඉලක්කය වී ඇත්තේ “පිවිතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්” ලෙසට නම් කරමින් එළඹෙන මැතිවරණය සඳහා එජාපයට එරෙහිව බිහිවන “මෛත්‍රී-මහින්ද” සන්ධානයට ප්‍රහාර එල්ල කිරීමයි.
මෙය “චන්ද්‍රිකා-මංගල” ව්‍යාපෘතියක් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්යේෂ්ඨයින්ද දැන්වත්ව හෝ නොදැනුවත්ව පින්සිරි මංගල සමරවීරගේ හෙයිචයින්ගේ ඉත්තන් බවට පත්ව පාවිච්චි වීමේ අනතුරක් පවතී.