නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙක් මිට ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දී මොවුන් දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි.
කැබිනට් අමාත්‍යවරුන්,
බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරුන්,
සී.බී රත්නායක මහතා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක මහතා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය
එමෙන්ම අමාත්‍යාංශ තුනක් සඳහා පත්කළ නව ලේකම්වරු ද අද(07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගෙන තිබේ.
එම නම් පහත පරිදි ය.
අමාත්‍යාංශ ලේකම්වරු
01. ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය
02. එස්.පී. කොඩිකාර මහතා – ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
03. ආර්.ඩබ්. ආර්. පේමසිරි මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය
ඊයේ(07) දිනයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක වන වසන්තා පෙරේරා මහත්මිය පත් කර තිබේ.