ජනතාව මත බර පැටවූ මංගලගේ මොංගල් සුත්‍ර යුගය අවසන්; ඉන්ධන මිල පහළට

Spread the love

පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

නව රජයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ විසින් පසුගිය රජයේ මංගල සමරවීර විසින් පනවා තිබූ , මේ රටේ ජනතාව ගොනාට අන්දවමින්, උපහාසයටත් ලක්කළ මොංගල් මංගලගේ මිල සූත්‍රය ඊයේම (31) අහෝසි කර දැමුහ.

ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු වී ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 155 ට පැවැති ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල රුපියල් 145 ක් වන අතර, 123 ක් ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල 116 ක් වනු ඇති බව අමාත්‍යංශය පවසයි.