හොරොයින් ප‍්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් දකුණු මුහුදු තීරයේදී නාවුක හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.
මේ සමගම ඉරාන ජාතිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහෙයුම සිදු කර ඇත්තේ පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව ඒකාබද්දවයි.
නෞකාවේ තිබී හොරොයින් කිලෝ 600ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් තොගයක් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා ඇතැයි පොලිසිය කියයි. දැනට සොයාගෙන ඇති හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියනය ඉක්මවයි.
රුපියල් බිලියන 05ක පමණ හෙරොයින් ප‍්‍රමාණයක් සැකකරුවන් විසින් මුහුදට දමා ඇතැයි පොලීසිය කියයි. ඒ අනුව හොරොයින් කිලෝ 4000ක් පමණ නැවේ තිබෙන්නට ඇතැයිද පොලිසිය කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය නිරාවණය වැඩසටහනට අනුව මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එරෙහිව දැඩි මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සුවිශාල වෙනසක් සිදුව ඇත.