හම්බන්තොටදී නාමල්ගේ පාදඩ මැරයින් රණවිරුවන්ට පහරදෙති; තත්වය බරපතළයි
- RSL
- January 7, 2017
- පුවත් සහ වාර්තා
- Namal Rajapaksa, news, reports
- 0 Comments
හම්බන්තොටදී කු.පා.ම මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂගේ පාදඩ මැරයින් විසින් රණවිරුවන්ට ඉතා නින්දිත අයුරින් පහර දී තිබේ. නාමල් රාජපක්ෂගේ පාදඩ මැරයින්ගේ ගල් ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙසේ නාමල්ගේ පාදඩ මැරයින්ගේ ඉලක්ක ගත ප්‍රහාරයන්ට ලක්වූ රණවිරුවන් කිහිපදෙනෙකු අසාධ්‍ය මට්ටමේ පසුවන බවට වාර්තාවේ.
තුවාලකරුවන් අතර විරෝධතාවයේ නිරතවූවන්, කර්මානතපුරයේ සමාරම්භක උත්සවයට පැමිණි ජනතාව සහ ආරක්ෂක අංශ නිලධාරීන්ද සිටින බව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් මනතුංග මහතා සඳහන් කරයි.
හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව අද (07) උදෑසන පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසින් උත්සව භූමියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ අතර එය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
එහිදී විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ද තුවාල ලැබූහ.


