සිංහල බෞද්ධ ඡන්දවලින් ජනපති කෙනෙක් පත් කරන සිහිනය බිඳ දැමිය යුතුයි – අමීර් අලී

Spread the love

සුළු ජන කොටස්වල ඡන්ද ප්‍රතික්ෂේප කොට සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් පමණක්ම ජනාධිපතිවරයකු පත් කළ හැකි යැයි කවරකු හෝ සිතන්නේ නම් එම සිතිවිල්ලට අවමඟුල් සීනු නාද කිරීම සමස්ත සුළු ජන කොටස්වලම වගකීමක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.එස්.එස්. අමීර් අලී පවසනවා.මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ කාන්තාවන් පිරිසකට මහන මැෂින් දීමේ අවස්ථාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවසුවා.

“මුස්ලිම් ජනතාව වෙත අසත්‍ය චෝදනා එල්ල වෙමින් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ප්‍රචණ්ඩත්වයයි. මේ නිසා ජනතාවටත් පීඩාවට පත්වීමට සිදුව තිබෙනවා. මේ තත්ත්වය පරාජය කිරීමට සියලුම සුළු ජන කොටස් කටයුතු කළ යුතුයි.අපගේ ඉමාම්වරු හා දේවස්ථාන අන්තවාදීන්ගෙන් බේරා ගත යුතුයි. එබැවින් නුදුරේදීම පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනතාව පාරට බැසිය යුතුයි. ඇතැමුන් සිතන්නේ සුළු ජන කොටස්වල සහාය නොමැතිව සියයට සියයක් සිංහල බෞද්ධ ඡන්ද පමණක් ලබාගෙන ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවිය හැකි බවයි. එම සිහිනය බිඳ දැමීමට සුළු ජන කොටස් කටයුතු කළ යුතුයි.”