ආදායම් බලපත්‍ර අලුත් නොකළහොත් වාහනයේ ලියාපදිංචිය අත්හිටුවයි
- RSL
- April 18, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ආදායම් බලපත්‍ර අඛණ්‌ඩව වසර 05 ක් ලබාගෙන නොමැති වාහන ලියාපදිංචිය අත්හිටුවීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.
වසර 05 ක් අඛණ්‌ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන සම්බන්ධයෙන් පළාත් සභා මට්‌ටමින් වාර්තා කැඳවීමට මේ වනවිට කටයුතු යොදා ඇතැයිද, එම වාර්තා ලැබීමෙන් පසු වාහනයේ හිමිකරු වෙත ලියාපදිංචි නොකිරීමට හේතු දක්‌වන ලෙස ලිපි මගින් දැනුවත් කර ඊට නිසි ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් එම වාහන අවලංගු කිරීමට කටයුතු කරන බවද චන්ද්‍රසිරි මහතා කීය.
යම් වාහනයක් අලුත්වැඩියා කිරීමට යොමුකර ඇත්නම් පළාත් කාර්යාලයෙන් ඊට අදාළ කාර්මික සහතිකයක් ලබා ගත හැකි බවද පැවසූ ඒ මහතා අධිකරණ කටයුතුවලට වාහනය යොමු වී ඇත්නම් ඒ බවද නෛතිකව දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටියි.

