පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී දේශප්‍රේමිත්වය මනින න්‍යායක් භාවිත විය. එම න්‍යාය නම්, කිසිදු කොන්දේසියකින් තොරව මහින්දලාගේ දුර්දාන්ත පාලනයට එකඟ නම් ඔවුන් දේශප්‍රේමි වන අතර එකී පාලනයට කිසිදු අයුරකින් හෝ විරෝධය දක්වන්නෙක් වේ නම් ඔහු දේශද්‍රෝහියෙක් වීම යි.
දැනුදු මෙවැනි ම තත්වයක් උද්ගත වී ඇති බව පෙනී යයි. එනම් යහපාලන ආණ්ඩුව හා එක්වුණු සහ එයින් වරදාන, වරප්‍රසාද-ඇමැතිධුර ලබාගත් අයට එරෙහි ව ඇති පරික්ෂණ ඉතා ම මන්දගාමී වීම යි. එය අප මුලින් කී න්‍යාය මෙන් තවත් න්‍යායක් නිර්මාණය වනවා දැ යි සිතෙන තරම ට ය. යහපාලන ආණ්ඩුවට පක්ෂ නම් හොරකම් කළ ද හොරෙක් නොවේ. එයට විරුද්ධ නම් අනිවාර්යෙන් හොරෙකි, යනුවෙනි.
මේ පාලනය වෙනස් කර පෙරලා දැමුවේ මෙරට ජනතා ව ය. ජනතා කැමැත්ත වූයේ ජනතා මුදල් ගසා කෑවුන්ට කොන්දේසි විරහිත ව දඬුවම් කිරීම යි. මේ යන පාරේ නම් එවැන්නක් පෙනෙන්නට නැත.