කලක් තිස්සේ උඩු දුවමින් පවතින ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධ අර්බුදය මේ වන විටත් රටේම අවධානයට ලක්වී ඇති නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රණවිරු ගැටළු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව විදුලිබළ බළශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දීමට මුදල් අමාත්‍යංශය අපොහොසත් වීම තුළ රටේ මහජනතාවගේ දැඩි අප්‍රසාදයක්, වත්මන් රජය වෙත හිමිවී ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා සඳහන් කළේ එය එසේ නොවීමට වගකිවයුතු නිළධාරීන් මැදිහත් මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවයි.
එහිදී අදාළ ගැටලූව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ සාකච්ඡා වූ පරිදී ආබාධිත රණවිරුවන්ට හිමිවන විශ්‍රාම වැටුපට අමතරව ආබාධිත රණවිරුවන් වෙත දැනට හිමි වැටුපෙන් 75% ක් ගෙවීම සඳහා මුදල් අමාත්‍යවරයා කඩිනමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවයි.
කලක් තිස්සේ ආපස්සට යමින් පවතින මෙම වැටුප් ගැටලූව විසඳීම පොරොන්දුවකට පමණක් සීමා නොකොට, දේශපාලඥයෙකුගේ වගකීමක් ලෙස සළකමින් මෙය ඉටු රජයේ වගකීමක් බව අවධාරණය කළ අමාත්‍යවරයා සඳහන් කළේ තමන් පෞද්ගලිකවම මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ වගකිවයුතු සියලු නිළධාරීන් සමඟ සාකච්ඡා සිදුකරනා බවයි.