ඇමැති අර්ජුන රණතුංග මහතා පත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ විමර්ශන අංශයේ උපදේශකයන් දැවි තෙල් බෙදා හැරීමේ ප්රවාහන සේවාවලින් මහා පරිමාණ කප්පම් ගැනීමක් කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය අනාවරණය කරයි.
එම සංගමයේ සභාපති ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්රි අශෝක රංවල මහතා පැවැසුවේ, ආයතනයේ බඳවා ගැනීමේ පටිපාටියට පරිබාහිරව බඳවා ගත් එකී උපදේශකයන් එක් අවස්ථාවක රුපියල් ලක්ෂ 8ක කප්පමක් ලබාගෙන ඇති බවය.
ඛනිජ තෙල් සංස්ථාවේ අක්රමිකතා සොයා බැලීමට ස්ථිර සේවකයන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන අංශයක් තිබූ අතර ඇමැති අර්ජුන රණතුංග මහතා එම විමර්ශන අංශය විසුරුවා ඔහුගේ උපදේශකයන් පස් හය දෙනකුට එම විමර්ශනවල බලය දී ඇති බව පවසන ඒ මහතා කියා සිටියේ, ඔවුන් විමර්ශන වෙනුවට කප්පම් ගැනීම පමණක් කරන බවය.
එම උපදේශකයන්ට රුපියල් 75,000ක දීමනාවකට අමතරව දුරකතන ගාස්තු, ප්රවාහන වියදම් පවා ලබා දෙන බවද මන්ත්රිවරයා පැවැසීය.
ඔහු පැවැසුවේ අදාළ උපදේශකයන්ගේ ඥාති පුතුන්ට ඛනිජ තෙල් සංස්ථාවේ ඉවත ලන දැවිතෙල් ඉවත් කිරීම හෙවත් ඛ්තඥචදඪදඨ ඉඥපමඪඵඥ කටයුතු භාරදී ඇති අතර ඒ තුළද බරපතළ වංචා හා දූෂණ සිදුවන බවය.
මෙම අල්ලස් ගැනීම සම්බන්ධයෙන් තම සංගමය අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පවසන රංවල මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඇමැති අර්ජුන රණතුංග දැන් කළ යුත්තේ සංස්ථාවේ පැවැති පැරැණි විමර්ශන අංශය නැවත ක්රියාත්මක කළ යුතු බවය.