කරන දේ ගැනවත් දැනුමක් නැති ඇමතිකම කුමකටද?; ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ – ඇමැති මංගල
- RSL
- October 10, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Mangala Samaraweera, Ministry of Finance
- 0 Comments
තමා යටතේ ඇති අමාත්‍යංශය මගින් සිදුකරන දෑ සම්බන්ධයෙන්වත් දැනුමක් අවබෝධයක් නැති වත්මන් යහපාලන රජයේ ඇමතිවරයෙකු ගැන ඊයේ(09) අනාවරණය විය.
මාසගණනක සිට ඉන්ධන මිල ඉහළ දමන්නේ මිල සූත්‍රයකට අනුව බව පවසන මුදල් ඇමති මංගල සමරවීර, එම සුත්‍රය කුමක්දැ’යි මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් විමසු විට ලබාදෙන්නේ මේ ආකාරයේ අපුරුම පිළිතුරකි.
“මේ මිල සූත්‍රය ගැන කිව්වොත් තමුන්නාන්සේලාගේ ඔළුව තවත් අවුල් වේවි. ඒක ඒ නිලධාරීන්ට ප්‍රශ්නයක් නොවෙයි. කාටහරි අවශ්‍ය නම් ඒක කියා දෙන්නම්. ඒත් දැන් මං ළඟ ඒ සූත්‍රය නෑ. හැබැයි මට වත් ඔය මිල සූත්‍රය තේරෙන්නෙ නෑ.” යනුවෙනි.
තමන්ට නොතේරෙන, නොදන්න විෂයක ඇමතිකමක් ගෙන මේ වන විට ඇමති මංගල පත්ව සිටින අසරණ කම සහ ඔහු නිසා රටේ ආර්ථිකයත්, ජනතාවත්, ආණ්ඩුවත් පත්ව සිටින අරාජිකත්වය මංගලගේ වචනවලින් තහවුරුවේ.
ජනාධිපති සිරිසේන වේදිකාවල තට්ටු දමමින් කී විද්‍යානුකූල ඇමතිවරු, ඇමති මණ්ඩල තබා ඔහු පත්කළ ඇමතිවරයාට ඔහුගේ විෂය සම්බන්ධයෙන් අදාළ අවම දැනුමක් වත් නොමැති කම මින් ග්‍රම්‍යයවේ. එම නිසා ඔවුන් නොදන්න විෂයන් ගැන ඇමතිකම් ඔවුන් පිට පටවා ඔවුන්ගේ දේශපාලන ගමනත් අසාර්ථක කිරීමට වෙරදරා ඇති ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද මෙම තත්වයට වගකිව යුතුය.

