සියයට 97ක සාක්ෂරතාවය ඇති රටක මිනිසුන් ඔහු වැනිම මොංගල් අයෙකු යැයි සිතන වත්මන් රජයේ කුප්‍රකට මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර විසින් තමාට වත් තේරුම්ගැනීමවත් නොහැකියි යැ’යි කියා සතියකට පසු හරි සරලයි කියමින් මාධ්‍යවේදීන් සහ රටේ සමස්ත ජනතාව නක්කලේ දමමින් එළිදැක්වූ මංගල විසින් ‘මිල සූත්‍රයක්’ යැයි කියා ගන්නා අකුරු එකතු කිරීමට මේ වන රටේ විද්වතුන්, මහජනතාව සහ දේශපාලඥයින් ඇතුළු පිරිස් සිය විරෝධතාවය ප්‍රකාශ කරමින් සිටිති.
ඉන්ධන මිල සූත්‍රයක් යැයි කියමින් මුදල් ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ සූත්‍රයක ගුණාංගයක් පෙන්නුම් නොකරන්නක් බව මහාචාර්ය රංජිත් බණ්ඩාර සඳහන් කරයි.
තමන් එය දකින්නෙ මිල සුත්‍රයක් නොව මිල ගණනය කිරීමක් පමණක් ලෙස බවද ඔහු පෙන්වාදෙයි.
එළිදක්වා ඇත්තේ සරල ගණනය කිරීමක් මිස එහි කිසිම ශ්‍රිතීය ගණනය කිරීමක් නැතැයිද ඔහු අවධාරනය කරයි.
මහාචාර්යවරයෙකු එසේ සුත්‍රයක් යනු කුමක්ද, එහි ඇති ගණිතමය ව්‍යුහය කුමක්ද යන්න පැවසුවද අ.පො.ස සාමාන්‍ය පෙළ තෙවතාවක් ගණිතය අසමත් වු එකෙකු බිලියනයකට ඇති බින්දු ගණන නොදැන තැන, සූත්‍ර ගැන කවර කතාද..