මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එල්ල වී ඇති මහා පරිමාණ වංචා-දූෂණ චෝදනා ඇතුළු විශාල අපරාධ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් සහ අනෙකුත් පරීක්ෂණ වලින් හෙළිදරව් වෙමින් පවතිද්දී රාජිතට එරෙහිව රටෙ පුරා නැගෙන විරෝධය සමනය කොට වැඩේ ගොඩ දා දීමට එදාමෙදා තුර තම රැහේ එවුන් වෙනුවෙන් ඕන පවක් ස්වකැමැත්තෙන් කරගසන මංගල පින්සිරි අමාත්‍යවරයා විසින්, රටේ දේශපාලන ගේම් නොහදුනන මිනිසුන් ගොනාට අන්දවා ඇමති රාජිත ගොඩ ගෙන වීරයෙකු කිරීම සඳහා, අලුත් මෙහෙයුමක් අරඹා ඇත.
ඒ එක්වරම උඩින් පාත්වූ මංගලගේ චීන සිගරට්ටුවක් ආනයනය සහ ඊට විරෝධය දක්වමින් රාජිත ආණ්ඩුවට එරෙහිව කරන මාධ්‍ය රංගන ජවනිකාවයි.
මංගලගේ ෆුල්ටොස් පන්දුවට හයේ පහරක් වනමින් රාජිත පවසා ඇත්තේ, විදේශීය දුම්වැටි ආනයනය කිරීමට කටයුතු කරන කැබිනට් මණ්ඩලයක් තුළ තමා අසුන් ගන්නේවත් නැති බවය.
ඇමති රාජිත බේරා ගන්න රඟන මෙම නාටකය දින කීයක් තිරගත වනු ඇත්ද යන්න තීරණය වන්නේ සමාජජාල මාධ්‍ය සහ රූපවාහිනී වාර්තා කරුවන්ගේ මයික්‍රෆෝන අල්ලන වාරගණන අනුව හෝ වෙනත් ක්‍රමයක් මඟින් විය හැක.