‘ගම්පෙරළිය’ යනු එජාප පාක්ෂිකයින් වෙනුවෙන් රජයේ මුදලින් දෙන අල්ලසක් – මෛත්‍රී
- RSL
- August 10, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
ගම්පෙරළිය නාඩගම හරහා එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යෑමත් එහි සාමාජික, සාමාජිකාවන්ගේ දෑතට මුදලක් ලබාදී රජයේ මුදල් අවභාවිත කරමින් එජාප මන්ත්‍රිවරුන්ට සුපිරි සැපක් ලබාදීමට යන හෙයින් මේ පිළිබඳව රජයේ විගණකාධිපතිවරයාටත් මෙයින් සිදුකිරීමට යෝජිත අවනීති පිළිබඳ නීතිපතිවරයාටත් සොයා බැලිය හැකි යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න පැවැසීය.
එම පෙරමුණේ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ගම්පෙරළිය හරහා සිදු කරන මුදල් අවභාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා රාජගිරිය වැලිකඩවත්තේ පැවැති මාධ්‍ය හමුවකදීය.
නීතිඥ මෛත්‍රි ගුණරත්න මෙසේද කීය.
වත්මන් ආණ්ඩුව යන ගමන පිළිබඳව රටේ ජනතාව දැන ගතහොත් ඔවුනට පුදුම හිතේවි. රටේ ගම්බද ජනතාව රැවටීම සඳහා ගම්පෙරළිය නාඩගමක් ඇති කරගෙන යනවා. ඒ සඳහා නව කණ්ඩායමක් ඇති කරලා සෙල්ෆෝන් දෙකක් මෝටර් රථයක්, හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පවා ලබාදීමට ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. ඒවා කරනු ලබන්නේ අලුතින් පත්කිරීමට යෝජිත අධීක්ෂණ මන්ත්‍රිවරුන් මඟින්. ඔහු බලන්නේ ඉදිරි මැතිවරණයට ආරක්ෂක වළල්ලක් ලෙස ආණ්ඩු පක්ෂය විශේෂයෙන්ම එජාප මන්ත්‍රි කණ්ඩායම ශක්තිමත් කිරීමටයි.
මෙම ගම්පෙරළිය නාඩගම සඳහා මුදල් දෙන්නේ කවුදැයි තමා වගකිවයුතු අයගෙන් ප්‍රශ්න කරන බවද මේ වාගේ කොන්ත්‍රාත්තු ලබාදෙන්නේ ටෙන්ඩර් ක්රමයකටදැයි රජයේ විගණකාධිපතිවරයා විසින් හදිසි වැටලීම් මඟින් සොයා බලා ක්‍රියා කළ යුතයි. මෙමඟින් 2020 වනවිට ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවද පැවැසීය.
ආණ්ඩුව බලයට පත් වී වසර තුනක්ගෙවී ගිය පසු රට පුරා ගම්පෙරළියට පෙර රටේ දුක්විඳින ජනතාවට සහනයක් ලබාදීමට නම් සිදු කළ යුත්තේ ඕවාදැයිද වැඩිදුරටත් පැවැසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ අධිවේගී මාර්ග, මහාමාර්ග, සාමාන්‍ය මාර්ග ඉදිකළ නමුත් සමහර අඩිපාරවල්වලට කොන්ක්‍රීට් යොදා සකස් කිරීම සැමදෙනාටම පහසුවක් වුවත් එවැනි පටු මාවතකට රුපියල් ලක්ෂයක් වියදම් කොට එහි වියදම ලෙස රුපියල් ලක්ෂ 08ක් හෝ ලක්ෂ 10ක් යනුවෙන් ගණන් ඉදිරිපත් කළා.
ආණ්ඩුව ඇතැම් දෙනාට තෝර තෝරා නඩු දමනවා. තවත් පිරිසක් ඉදිරියේදී ආරම්භ කරන අලුත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් ඉන්නේ.
-මව්බිම-

